දේශීය

ජනපති, බිම්ස්ටෙක් සමුළුව අමතයි

(UTV | කොළඹ) – බිම්ස්ටෙක් හෙවත් බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ පස්වන රාජ්‍ය නායක සමුළුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමතනු ලැබුවා.

එහි දී ජනාධිපතිවරයා සදහන් කළේ, බෙංගාලබොක්ක ආශ්‍රිත රටවල් අයත් කලාපය ත්‍රස්තවාදය, අන්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ආරක්ෂා කර ගත යුතු බවයි.

එමෙන්ම මෙම කලාපයට ලොව ආර්ථික වර්ධනයේ යාන්ත්‍රණය හිමි බැවින් නිසි සංවර්ධනයක් කරා රැගෙන යාම සියලු දෙනාගේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

Related posts

මන්ත්‍රී ප්‍රේමලාල් පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

Editor O

මහින්ද රාජපක්ෂගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

Editor O

Leave a Comment