දේශීය

මිරිහාන විරෝධතාකරුවන් අතර අන්තවාදීන්.. – ජනපති මාධ්‍ය අංශය

(UTV | කොළඹ) – නුගේගොඩ, ජුබිලි කණුව අසල උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයින් අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බවට අනාවරණ වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය ඇති කර තිබෙන බව ය.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇතැයි අදාළ නිවේදනයෙහි සඳහන් වේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ඔවුන් “අරාබි වසන්තයක්” මෙරට ඇති කරමු යන හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා ඇති බව ය.

ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිත කරමින් ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්ත්වය ඇති කර ඇති බව අත්අඩංගුවේ පසුවන පිරිසගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇතැයි අදාළ නිවේදනවෙහි වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය පහතින්;

Related posts

රථවාහන පරීක්ෂා කිරීමේ කටයුතු ඉදිරියටත් අඛණ්ඩව

Mohamed Dilsad

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා ලක්ෂ 06 ලබන බදාදා ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිත පිරිස 1000 අභිබවයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment