දේශීය

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ‍

(UTV | කොළඹ) – මෙම වසරට ( 2022) අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණයට හේතු වී තිබෙන අතර වේලාව පැයකින් දීර්ඝ කිරීම නිසා දින විස්සක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකි වන බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

වේලාව දීර්ඝ කිරීමෙන් පසුවත් විෂය නිර්දේශ ආවරණය කර ගත නොහැකි වන්නේ නම් තෙවැනි වාරයේ දී සෙනසුරාදාවන්හි පාසල් පැවත්වීම කෙරෙහි ද අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස පහළොස් වැනිදා ද උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 17 වැනිදා සිට ද පැවැත්වීමට අමාත්‍යාංශය දැනට සැලසුම් කර තිබෙන අතර මෙම වසරට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ ජනවාරි මස පළමු සතියේ දී පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 23 වැනිදා ආරම්භ කෙරේ.

Related posts

ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර ලබන සඳුදා සිට

Mohamed Dilsad

එක ශිෂ්‍යයෙකුට ලක්ෂ හැටක වියදමක් , බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි – ජනපති රනිල්

Mohamed Dilsad

අද සහ හෙට පැයක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment