දේශීය

අද විදුලිය කපන හැටි මෙන්න

(UTV | කොළඹ) – කොළඹ සෙසු ප්‍රදේශ සඳහා අද (06) දිනයේ ද පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදු ව සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසර ලබාදී තිබේ.

ඒ අනුව පෙරවරු 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර ඇති බව එම කොමිසම සඳහන් කළේය.

A,B,C,D,E,F යන කලාප සඳහා පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා පැය 04 ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 07.30 දක්වා පැය 02යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

G,H,I,J,K,L යන කලාප සඳහා පස්වරු 01.00 සිට පස්වරු 5 දක්වා පැය 04ක කාලයක් සහ රාත්‍රි 07.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 02යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරුණු ඇත.

මේ අතර කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශයට පැය 03යි විනාඩි 30ක කාලයක් පමණක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසුවේය.

Related posts

රසායන ද්‍රව්‍ය තොගයක් කඳානෙන් සොයා ගනී

Editor O

🔴 LIVE : පාර්ලිමේන්තු විවාදය සජීවීව | 19.05.2022

Mohamed Dilsad

පාර්ලිමේන්තු වරම් ලැබූ සභිකයින් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment