ක්‍රීඩා

ICC ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීම් අද සිට

(UTV | කොළඹ) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීම් අදින් ආරම්භ වනවා.

එය අප්‍රේල් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊට සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

මෙම රැස්වීම් ඩුබායිහි දී පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට අමතරව මෙම රැස්වීම්වලට සහභාගිවීම සඳහා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුද සහභාගී වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Related posts

LPL වෙන්දේසියටත් පෙර ෆාෆ් ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Mohamed Dilsad

දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟයට සියල්ල සුදානම්

Mohamed Dilsad

Leave a Comment