දේශීය

දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන

(UTV | කොළඹ) – අවුරුදු සමයේ දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිසම සඳහන් කලේ ඒ සඳහා ලංගම ඩිපෝ 05 ක් ඔස්සේ මේ වනවිට ඉන්ධන ලබාදීම සිදුකෙරෙන බවයි.

මේ අතර මෙම මාසය තුළදී ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ , ඒ යටතේ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට ද අපේක්ෂා කරන බවයි.

මේ දිනවල ඉන්ධන පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළා.

Related posts

කැබිනට් තනතුරු ගැන හරිනි කළ ප්‍රකාශය

Editor O

දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ව විශේෂ පරීක්ෂාවකට

Mohamed Dilsad

චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවට සහාය පළකරයි

Mohamed Dilsad

Leave a Comment