දේශීය

විශ්වාසභංගේ නවතම තත්වය මෙන්න

(UTV | කොළඹ) – සමස්ත රජයට එරෙහිව සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව සදහා සෙසු දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට ක්‍රියා කිරීමට විපක්ෂනායකවරයාට අවශ්‍ය බලතල පැවරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

මේ අතර විශ්වාසභංග යෝජනාව ඉදිරියට ගෙනයාමට පාර්ලිමේන්තුවේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කළ බවද පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියා.

වත්මන් ආර්ථික හා මූල්‍ය අර්බුදය සහ රජයට එරෙහිව පවතින ජනතා විරෝධතා සම්බන්ධයෙන් ගතයුතු පියවර ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අත්තනායක මහතා පැවසීය.

පවතින තත්ත්වය පිළිබඳව ආර්ථික විශේෂඥයින් පාර්ලිමේන්තු කණ්ඩායම දැනුවත් කළ බව ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ සමඟ විපක්ෂය තවදුරටත් සාකච්ඡා කරන බව මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට සජබය හරස් වෙයි

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

අදත් දුම්රිය ධාවනයට සීමා

Mohamed Dilsad

Leave a Comment