දේශීය

ශාන්ත බණ්ඩාරට පක්ෂයේ සියලුම තනතුරු අහිමිවෙයි

(UTV | කොළඹ) – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන ප්‍රචාරක ලේකම්, උප ලේකම් සහ දඹදෙණිය ආසන සංවිධායක යන ධූරවලින් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැවරී ඇති බලතල අනුව මේ තීරණයට එළඹුණු බව ඔහු පැවසීය.

එමෙන් ම, ඉදිරියේදී ශාන්ත බණ්ඩාර මහතා මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අවශ්‍ය පියවර ගන්නා බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ දිස්ත්‍රික් නියෝජිත සම්මේලනදී අදහස් දක්වමිනි.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ (අප්‍රේල් 11) සිය ධූරයෙන් ඉල්ලා අස්වුණු අතර ඔහු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා දිවුරුම් දුන්නේ ය.

අප කළ විමසීමකදී ශාන්ත බණ්ඩාර මහතා සදහන් කළේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මේ ධූරය භාර ගත් බව ය.

ශාන්ත බණ්ඩාර මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙකි.

Related posts

පාර්ලිමේන්තු වරප්‍රසාද ඉස්සරහට දාලා මාධ්‍යට තර්ජනය කරන්න එපා ! – පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි

Editor O

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 14 ක් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment