දේශීය

‘පන්නමු’ : දෙවන දවස අද

(UTV | කොළඹ) – පන්නමු යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කර ඇති දැවැන්ත පාගමන අද දිනයේත් ක්‍රියාත්මකයි.

ඊයේ දිනයේදී බේරුවල නගරයෙන් ආරම්භ එය අද වාද්දුවේ සිට මොරටුව දක්වා ගමන් කිරීමටයි නියමිතව ඇත්තේ.

විරෝධතා පාගමන ඊයේ පෙරවරුවේ බේරුවලින් ආරම්භ වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහය පළ කරමින් මෙම පාගමන සංවිධානය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින් අද වාද්දුව සිට මොරටුව දක්වා පාගමනක් පැවැත්වීමට නියමිතයි.

එම පිරිස හෙට මොරටුව සිට ගාලුමුවදොර දක්වා විරෝධතා පා ගමනක නිරත වන අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ භූමියේ පැවැත්වෙන විරෝධතාවයට ද එක්වීමට නියමිතයි.

Related posts

ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ගේ සහාය සජිත්ට. බේරුවල ආසන සංවිධායක ධූරයත් ලැබෙයි.

Editor O

කුලියාපිටියේ වාහන කර්මාන්තශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සැප් : 17 දා විවෘත කෙරේ. දිනකට වාහන 25ක් එකලස් කෙරේ.

Editor O

පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය කඩිනමින්

Mohamed Dilsad

Leave a Comment