දේශීය

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ නවතම තීරණය

(UTV | කොළඹ) – ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනාගේ කණ්ඩායම පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට තිරණය කර තිබේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බවය.

පැවති එම කණ්ඩායමේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියොජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනා, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 10 මන්ත්‍රිවරුන් ,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ අනූර යාපා මන්ත්‍රිවරයා ඇතුළු කණ්ඩායම සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගනු ඇති.

Related posts

කොරෝනා වැළඳී සුවවූ දෙවන ශ්‍රී ලාංකිකයාත් රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment