දේශීය

ජනපති කළ ඉල්ලීම

(UTV | කොළඹ) – ජනතාව ඉල්ලා සිටින වෙනස සිදු කිරීමට අභිනවයෙන් පත් වූ කැබිනට් අමාත්‍යවරුන්ට හිමි වී ඇත්තේ, හොඳ අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (18) උදෑසන කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු නව අමාත්‍යධූරවල දිවුරුම් දුන් අවස්ථාවේදී ය.

තමන් ජ්‍යෙෂ්ඨත්වය නොසලකා නව අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති අතර එම තනතුරු සඳහා වරප්‍රසාද භාවිත නොකර සිය වගීකම ඉටු කරන ලෙස මෙහිදී ගෝඨභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

”මම ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැතුව නව ඇමතිවරුන් පත් කරලා තියෙනවා. ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙවෙයි විශාල වගකීමක්. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් කියලා පාවිච්චි කරන්නට එපා. මම තමුන්නාසේලාගෙන් බලාපෙරොත්තු වෙන්නේ අවංක කාර්යක්ෂම පිරිසිදු පාලනයකට කැප වෙන්න කියලා. ඒ වගේ ම ඔබ යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත් කරන්නට කියලා.

අද රාජ්‍ය ආයතන බෙහොමයක් පවතින්නේ බරපතළ මූල්‍ය අර්බුද තත්ත්වයක ඒවා නිවරැදි කර ගැනීම ඉතා ම අවශ්‍ය යි. අද පවතින මේ අර්බුදය ඒ ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කරන්න හොඳ අවස්ථාවක් තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ එක්ක ම මම ඉල්ලා සිටිනවා මේ තරුණයන්ගෙන් එයට උපකාර කරන්නට කියලා.”

Related posts

දුකයි කියලා හැංගිලා හරියන්නේ නැහැ – දිමුත්

Mohamed Dilsad

ඩීසල් හා බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

Mohamed Dilsad

ලංකාවේ අනාගතය ගැන ලෝක බැංකුවෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment