දේශීය

”ආණ්ඩුවට 113ක් නෑ, පුළුවන් කෙනෙක් භාර ගන්න” – ලාන්සා කියයි

(UTV | කොළඹ) – ‘පවතින සීමා තුළ අදත් ආණ්ඩුවට 113ක් නැහැ. පාර්ලිමේන්තුව තුළින් 113ක් හෙව්වොත් ආණ්ඩුවට 113ක් නැහැ” යැයි ද නිමල් ලාන්සා මහතා කියා සිටියා.

අපි කණ්ඩායමක් විදිහට මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. රටේ ජනතාවත් සිය මතය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මතයේ තමයි අපිත් ඉන්නේ.

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා ඊයේ (18) ජනමාධ්‍ය හමුවේ මෙසේ ද කීය.

“සර්ව පාක්‍ෂික අන්තර්කාලීන ආණ්ඩුවේ ජාතික සභාවක් පිහිටුවනවා. ඒකෙන් සුදුසු කෙනෙක් තීන්දු කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒක රහස් ඡන්දයෙන් පාර්ලිමේන්තුව තුළ කරන්න පුළුවන්. මොකද ව්‍යවස්ථානුකූලව තමයි අපිට කතා කරන්න පුළුවන්.

සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. මේ වැටී තියෙන ආර්ථිකය ගොඩගැනීම සඳහා කාටහරි පුළුවන් නම් ඇවිල්ලා මේ ආණ්ඩුව භාරගෙන කරන්න කියලා. ඒ සඳහා කොන්දේසි විරහිතව අපි සියලු දෙනා ම සහයෝගය ලබා දෙනවා.

නව ඇමතිවරුන්ට සුබ පතනවා. මොකද චෝදනා ලබපු අය ගොඩක් අයින් කරලා තියෙනවා. ඒක ජනාධිපතිතුමාගේ හොඳ ලක්‍ෂණයක්. අපේ අරමුණ ඒක නෙවෙයි. ජනතාවගේ අරමුණ ඒක නෙවෙයි. ජනතාව කියන්නේ සියලු පක්‍ෂ ඒකාබද්ධ වෙලා ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යන්න නම් ඒ සියලු දෙනා එකතු වෙලා මේක කරන්න කියලා.

අපි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා පාර්ලිමේන්තුවට බලය ලබා ගන්නවා. එතකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තමයි ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට සුප්‍රීම් බලය ලබා ගන්න.”

Related posts

රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශයට අනුමැතිය

Editor O

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද

Editor O

පොහොර ආනයනය ට පියවර

Mohamed Dilsad

Leave a Comment