දේශීය

බස් ධාවනයෙන් ඉවත් වෙයි

(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මිල ඉහළ දැමීමත් සමග ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාව පළ කිරීම සදහා ඔවුන් මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බවට වාර්තා වේ.

අද (19) උදෑසන කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ හිමියන් සිය ධාවන කටයුතුවලින් ඉවත් වී ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේය.

මේ අතර අද උදෑසන සිට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සහ ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා ද ආරම්භ කර තිබේ.

Related posts

හෙට මැදියම් රැයේ සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය[RELEASE]

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා දෙසැම්බර් 17දා සිට ප්‍රදර්ශනය කරයි.

Editor O

”ආචාර්යය” පට්ටම ගැන අහන්න ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

Editor O

Leave a Comment