විදෙස්

මාර්ක් සකර්බර්ග්ට රුසියාව වෙත පැමිණීම තහනම් වෙයි

(UTV |  රුසියාව)- රුසියානු රජයේ නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරෙහිව එක්සත් ජනපදය පනවා ඇති සම්බාධකවලට ප්‍රතිචාර දක්වමින්, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සහ උප ජනාධිපති කමලා හැරිස් ඇතුළු එක්සත් ජනපද පුරවැසියන් 29දෙනෙකුට රුසියාවට ඇතුළුවීම දින නියමයක් නොමැතිව තහනම් කර තිබේ.

නිලධාරීන්, විද්‍යාඥයන්, සංස්කෘතික හා ව්‍යාපාරික පුද්ගලයන්ගේ පවුල්වලට බලපාන රුසියානු විරෝධී සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් රුසෝෆෝබික් න්‍යාය පත්‍රය සකස් කරන විධායකයන්, ව්‍යාපාරිකයන්, ප්‍රවීණයන් සහ මාධ්‍යවේදීන් මෙන්ම ඉහළ පෙළේ නිලධාරීන් ගණනාවකගේ බිරින්ඳෑවරුන්ටද මෙම තහනම පැනවී ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

සකර්බර්ග්ට අමතරව, මොස්කව් විසින් LinkedIn ප්‍රධාන විධායක නිලධාරී රයන් රොස්ලන්ස්කි, මෙන්ම ගිනිඅවි නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයන් වන Northrop Grumman, General Dynamics, L3 Harris Technologies, Leidos, Booz Allen Hamilton සහ Aerojet Rocketdyne හි සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් අසාදු ලේඛනගත කර ඇත. Shipbuilder Huntington Ingalls Industries සහ Drone-maker AeroVironment යන සමාගම්ද මීට ඇතුළත්ය. එමෙන්ම මිචෙල් අභ්‍යවකාශ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ සහ Bank of America සභාපතිද අසාදු ලේඛනයට ඇතුළත්ව තිබේ.

මීට අමතරව, උප ජනාධිපති කමලා හැරිස් සහ ඇගේ සැමියා වන ඩග් එම්හොෆ්, ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී රොනල්ඩ් ක්ලයින්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස්, පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි, නියෝජ්‍ය ආරක්ෂක ලේකම් කැත්ලීන් හික්ස්, මෙන්ම එක්සත් ජනපද දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ බිරින්ඳෑවරුන්ටද සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ක්‍රිස්ටෝපර් ඩබ්ලිව්. ග්‍රේඩි සහ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයාද එම අසාදු ලේඛනයට ඇතුළත් බව රුසියාව කියයි.

Related posts

හිටපු ඉන්දීය මුදල් ඇමති තිහාර් බන්ධනාගාරයට

Mohamed Dilsad

ඇමරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 17 දෙනෙකු මරුට

Mohamed Dilsad

කශෝගිගේ මරණය ගැන සෞදි කුමරු නොදන්නා බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment