දේශීය

සිමෙන්ති මිල යළිත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් පවසනවා.

ඒ අනුව කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙළඳපොළේ රුපියල් 2,300 – 2,350 මිලකට අළෙවි කරන අතර, නව සිමෙන්ති මිල රුපියල් 500 – 600 කින් වැඩි කිරිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බවයි සිමෙන්ති අලෙවි නියෝජිතයන් පැවසුවේ.

සිමෙන්ති මිල ඉහළ යාමත් සමග ඉල්ලුම අඩුවි ඇති බවත්, අලුතින් ගොඩනැගිලි ඉදි කිරිම් කටයුතු සිදු කිරිමද නතර කර ඇති නිසා සිමෙන්ති තොග වෙළඳසැල්වල රැස් නොකරන බවයි හැටන් ප්‍රදේශයේ සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

Related posts

ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් සමග පැමිණ නැව, ආපසු යයි.

Editor O

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතුත් ඇරඹේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment