දේශීය

සබන් මිල වැඩිවුනාද.. .

(UTV | කොළඹ) – මෙරට වෙළඳ ඉතිහාසයේ පළමු වරට සබන් වල මිල ගණන් ඉහළම අගයක් ගෙන ඇති බවට ප්‍රධාන ජාලයේ මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කර තිබුනා.

අප මේ සම්බන්ධයෙන් මෙරට සබන් ආශ්‍රිත නිෂ්පාදන කරන ප්‍රමුඛ සමාගමක පාරිභෝගික අංශයෙන් කළ විමසීමකදී ඔහුන් සඳහන් කලේ සබන් කැටයක කිසිදු මිල වැඩි කිරිමක් තම සමාගම සිදු නොකර ඇති බවත් එසේ වැඩි කිරීමක් සිදු කළහොත් තම වෙබ් අඩවියේ එය වාර්තා කරන බවයි.

එමෙන්ම පාරිභෝගික අධිකාරියේ ඉහළ නිලධාරිනියක් එකී සමාගමේ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ මිල ගණන් වැඩිවීමක් සිදුව ඇති බවයි.

මෙලස මිල ගණන් වැඩිවීමට හේතුව වී ඇත්තේ ඩොලරය ඉහල යාමත් සමඟ සබන් සැදීමට ගන්නා අමුද්‍රව්‍ය වල මිල ගණන් ඉහල යාම බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ .

ඒම වාර්තා වලට අනුව මෙම සමාගමට අයත් සබන් නිෂ්පාදන වන රෙදි සෝදන සබන් කැටයක් රු. 135ක් ලෙසත් බේබි සබන් කැටයක් 175ක් ලෙසටත් විෂබීජ නාෂක සබන් කැටයක් 145ක් යන මිල ගණන් යටතේ අලෙවි වන බවටයි වාර්තා වන්නේ

Related posts

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Editor O

මෙරට රෝගීන් 478 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

Mohamed Dilsad

තුන්වන දිනටත් කොරෝනා මරණ සියය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment