දේශීය

“උනුත් එකයි. මුනුත් එකයි,” : සජිත් කියන කතා

(UTV | කොළඹ) –“උනුත් එකයි. මුනුත් එකයි,” යන සංකල්පය සමගි ජන බලවේගයට අදාළ නොවන අතර සම්ප්‍රදායික විපක්ෂයක කාර්ය භාරය වෙනුවට නූතන දේශපාලන ව්‍යාපාරයක කාර්යභාරය සමගි ජන බලවේගය ඉටු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, ‘සමගි ජන බලවේගයෙන් හුස්මක්’ වැඩසටහනට සමගාමීව රත්නපුර ශික්ෂණ රෝහල වෙත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වූ අවස්ථාවේදී ය.

ඇතැමුන් 225 ම ගෙදර යා යුතු බව ප්‍රකාශ කළ ද පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම දෙනා සම්බන්ධයෙන් ඒ ප්‍රකාශය නිවැරදි නොවන බව මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය රෝහල් සඳහා අත්‍යවශ්‍ය උපකරණ ලබා දීමට විපක්ෂයක් ලෙස කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා සමහරු මෙම සත් කාර්යය පවා ” වැඩක් නැති එකක් සේ සලකන බව ද” පැවසීය.

රට ගොඩනැගිය යුත්තේ දත්ත මත සහ විද්‍යාත්මක හේතු මත පදනම් වූ පැහැදිලි වැඩපිළිවෙළකින් බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වැඩපිළිවෙළ සමගි ජන බලවේගය සතු බව වැඩිදුරට ත් ප්‍රකාශ කර සිටියේ ය.

Related posts

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිතයි. 2023 සහ 2024  සහල් ආනයනය කර නැහැ – වේදිකාවල බෙරිහන් දෙන” හිටපු කෘෂිකර්ම ඇමැති අනුර දිසානායක ඒ ගැන නොදැන සිටීම කණගාටුයි – මහින්ද අමරවීර

Editor O

බැසිල්ට ලොකු ආශාවක් ඇති වෙයි! ඊලඟ සැලසුම විමල් – උදය දෙසට

Mohamed Dilsad

විෂය නොදන්නා අය ශල්‍යකර්ම පිළිබඳ සහ යෝග්‍යතා පිළිබඳ කතා කරන්න එපා : විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සෞඛ්‍ය ඇමතිට දැඩි දෝෂාරෝණයක්

Editor O

Leave a Comment