විදෙස්

අවුන් සාන් සුකීට මියන්මාර් විශේෂ අධිකරණයක් දුන් නියෝගය

(UTV |  මියන්මාරය) – මියන්මාර් හි විශේෂ අධිකරණයක් විසින් එරට ප්‍රජාතන්ත්‍රවාදි නායිකා අවුන් සාන් සුකී ට තවත් වසර 05 ක සිරදඩුවමක් නියම කර තිබේ.

ඒ දූෂණ චෝදනා යටතේ ය.

මේ අනුව අවුන් සාන් සුකී ට එරෙහි නඩු විභාග මාලාව යටතේ දැනට ඇයට හිමි වී ඇති සිරදඩුවම් කාලයක වසර 11 කි.

මියන්මාරයේ හමුදා නායකයින් විසින් එරට ජනවරමකින් පාලන බලය හිමිකරගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලා දමා 2021 පෙබරවාරි මාසයේදී පාලන බලය හිමිකර ගත්තේය.

එතැන් සිට ඇයට එරෙහිව නඩු විභාග කිහිපයක් පැවැත්වුණි.

කෙසේ වෙතත් මෙම නඩු විභාග රහසිගතව පවත්වන බවටයි ජාත්‍යන්තර පාර්ශව රැසක් චෝදනා කරන්නේ.

Related posts

අප්‍රිකාව තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළට

Mohamed Dilsad

වඳුරු උණ ඉන්දියාවටත් : නවතම ප්‍රභේදයක ආසාදිතයෙක් හමුවෙයි.

Editor O

කැලිෆෝනියාවේ බෝට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34ක් මියයයි

Mohamed Dilsad

Leave a Comment