ගොසිප්

‘අගමැති යන්න එපා’ – පොහොට්ටුවෙන් ඉල්ලීම්

(UTV | කොළඹ) – නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකගතාව පළ කර ඇතත් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයෙන් ඉවත් නොවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් දිගින් දිගටම ඉල්ලීම් කරන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මෙන්ම,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ද පත්වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහ නම භාවිත කරමින් බැවින් , අගමැතිවරයා ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නැතැයි එම මැති ඇමැතිවරුන් පෙන්වා දී ඇති බව දැනගන්නට ඇත.

රටේ ඇතිව තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායමේ පක්ෂ නායකයන් සමඟ ජනාධිපති මන්දිරයේ ඊයේ (29)පැවති සාකච්ඡාවේදී එකඟතාව පළකර ඇත .

එම නව අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවෙන් නම් කිරීමටත් යෝජනා වී ඇත.

ආණ්ඩුවට උපදෙස් දීම සඳහා පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික උපදේශක සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත

ඇතිව තිබෙන අර්බුදය සමනය කිරීම සඳහා නිශ්චිත කාලයකට සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

මේ අතර ,ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී ද අගමැතිවරයා වෙනුවෙන් හිටපු ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම දිගින් දිගටම පෙනී සිටි බව වාර්තා විය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ මැතිඇමැතිවරුන් සහ පළාත් සහාවල හිටපු මන්ත්‍රීවරුන් ඉකුත් බදාදා අරලියගහ මන්දිරයට කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ තමා අගමැති ධුරයෙන් ඉවත් නොවන බවය

කවුරුන් හෝ මන්ත්‍රීධූර 113ක් පෙන්වුවහොත් අගමැති ධුරය දීමට තමා සූදානම් බව ඔහු සඳහන් කළේය.

Related posts

එළඹෙන සතිය තීරණාත්මකයි – ජනතාව දැනටමත් හෝටල් වෙන් කරගෙන

Mohamed Dilsad

ගෝඨාභය කරන්නේ පඹයෙක්ගේ භුමිකාව

Mohamed Dilsad

අවු 05ක දැරියකට අතවර කළ පුද්ගලයෙක් සවල් පහරකින් මරුට

Mohamed Dilsad

Leave a Comment