දේශීය

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක්

(UTV | කොළඹ) – අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද(2) පෙරවරුවේ ජනපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම සමගයි.

ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් යෝජනාවලියක් දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර මේ යෝජනාවලියද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

යෝජනාවලිය එම කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට දැනටමත් බාර දෙනු ලැබ ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ අන්තර්වාර පාලනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ බවත් අන්තර්වාර පාලනය සියලු පක්ෂවලින් සැදුම්ලත් එකක් විය යුතු බවත්ය.

අන්තර්වාර පාලනය ආණ්ඩුවෙන් ඉවත් කෙරුණු මන්ත්‍රීවරුන්ගෙන් පමණක් සකස් වන්නේ නම් ඉන් ප්‍රතිඵලයක් නොලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ගැන අධිකරණය දුන් නියෝග මෙන්න.⁣

Editor O

අගමැති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අතර හමුවක්

Mohamed Dilsad

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයින් ගැන අනාවරණය කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment