දේශීය

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය බදාදා කථානායකට

(UTV | කොළඹ) – ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව බදාදා (04දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එනු ලබන දෝෂාභියෝග යෝජනාව මෙම සතියේ කථානායකවරයාට ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝගය භාරදීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (01දා) සමගි ජන බලවේගයේ මැයි දින රැළියට එක්වෙමින් මෙලෙස වැඩිදුරටත් අදහස් පළ කළේය.

“නිදහස ලබාදීමේ පුරෝගාමියා වූ ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුව ඉදිරිපිට ඉඳලා කියනවා ඊළඟ නිදහස් අරගලයේ නායකයා සජිත් ප්‍රේමදාසමයි කියන එක. අනිද්දාට විශ්වාසභංගයයි, දෝෂාභියෝගයයි යන දෙකම අපි ගේනවා. ඒ ගෙනාපුවාම අපි ඔබතුමන්ලාට ෆෝන් එකේ ෆේස් බුක් එකෙන් බලන්න පුළුවන් ගමේ කවුද ඡන්දේ දුන්නේ, ගමේ කවුද ඡන්දේ නොදුන්නේ කියලා.

ඔන්න අපි හොරු එළියට ගේන්න හදන ක්‍රමේ. දැන් ඩබල් ගේම්කාරයේ ඔබතුමන්ලාගේ ෆේස් බුක් එකෙන් පෙනෙයි ඡන්දේ දීලද නැද්ද කියලා. විවෘත ආරාධනාවක් කරනවා ගමට එන්න දෙන්න එපා විශ්වාසභංගයට අත්සන් නොකර.”

Related posts

දයාසිරි CID යයි

Mohamed Dilsad

ගල්කිස්ස තරුණයා ඝාතනයට තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි

Mohamed Dilsad

Leave a Comment