දේශීය

අගමැතිගේ රාමසාන් පණිවුඩය

(UTV | කොළඹ) – ලොව පුරා විසිරී සිටින ඉස්ලාමීය බැතිමතුන් සමඟ එක්ව ඊද්-උල්-ෆිතර් උත්සවය සමරන ශ්‍රී ලංකාවේ සියලුම මුස්ලිම් ප්‍රජාවට සුභාශිංසනය පළ කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ පවසයි.

ඊද්-උල්-ෆිතර් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් අගමැතිවරයා මේ බව පවසා තිබේ.

එම පණිවිඩයේ මෙසේ දැක්වේ.

“මුස්ලිම් දින දර්ශනයේ වඩා වැදගත්ම මාසය තුළ ඔබ සියලු දෙනා සිය ජීවිත අවබෝධය පිණිස ලෞකික ජීවිතයෙන් මදකට ඈත්ව අධ්‍යාත්මික පිළිවෙත් සැපිරීම ඉතා විශිෂ්ට කාර්යයකි.

රාමසාන් උපවාස සමයේ යහපත් ක්‍රියාවන්ට පමණක් සිත යොමු කිරීමෙන් ඔබගේ අරමුණ පරමාදර්ශී ජීවිතයක් ළඟාකර ගැනීමයි.

ඒ වෙනුවෙන් රාමසාන් උපවාස කාලය තුළ ඔබ සැම යහපත් ක්‍රියාවන්ට පමණක් සිත යොමු කිරීම ප්‍රශංසනීය වේ.

අහාර නොමැති අයෙකුගේ වේදනාව තේරුම් ගැනීමත්, පරිත්‍යාගශීලී දිවි පෙවතක වටිනාකම තේරුම් ගැනීමත් උපවාස සමයේ ඔබ ලබන අගනා ජීවිත වටිනාකම්ය.

අල් කුරාණයට අනුව රාමසාන් උපවාසය හා බැඳුණු උතුම් ගුණාංගයන් අනුගමනය කොට එම උපවාස කාලය සාර්ථකව අවසන් කළ ඔබට එහි අධ්‍යාත්මික හරය සමාජගත කිරීමට දැන් අවස්ථාව උදාවී ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.

මුළු රටම අභියෝගාත්මක කාලයකට මුල පුරා ඇති මෙම වකවානුව තුළ සමාජයේ අනෙකුත් පුද්ගලයන් පිළිබඳව ද සංවේදී වෙමින් පරිත්‍යාගශීලීත්වය කෙරෙහි සිත නැඹුරු කරන්නැයි මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

ඔබ සැමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය පිරි ප්‍රීතිමත් ඊද්-උල්-ෆිතර් උත්සවයක් වේවා!

Related posts

මෙරට PCR පරීක්ෂණ 91,000 ඉක්මවයි

Mohamed Dilsad

රටවල් 6කට ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක්

Mohamed Dilsad

ඉදිරි උත්සව සමයේ සංචරණයට සීමා දමයිද?

Mohamed Dilsad

Leave a Comment