දේශීය

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට විශේෂ පණිවිඩයක්

(UTV | කොළඹ) – පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ (එක් දින සේවය හැර) සාමාන්‍ය සේවා යළි ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

අද(09) සිට ආදාළ සේවා ඇරඹෙන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව අද දිනයේ භාරගැනීම සිදුකරන්නේ ලබන්නේ මැයි මස 5, 6 සහ 9 යන දිනවලදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කර ගත් සහ මැයි 5 දින සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් භාර දීමට පැමිණ දෙපාර්තමේන්තුව වෙතින් අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත් පමණි.

මැයි 10 වෙනිදා සිට ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්ය වේ.

මීට අමතරව, http://www.immigration.gov.lk/ වෙබ් අඩවිය වෙත පිවිස හෝ 0707101060 යන දුරකතන අංකය ඇමතීමෙන් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සිදු කළ හැකියි.

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන අනෙකුත් සේවා ප්‍රාදේශීය කාර්යාල මගින් සිදු කරනු ලබන සේවා සහ ගුවන්තොටුපල ආගමන විගමන සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ත්‍රිපෝෂ සෑදීමට අවශ්‍ය කිරිපිටි දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගනී

Mohamed Dilsad

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට නැවතත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment