දේශීය

ගෘහස්ථ ගෑස් නෑ – පෝලිම්වල නොසිටින ලෙස දන්වයි

(UTV | කොළඹ) – ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෑස් නිකුත් නොකරන බැවින් ගෑස් පෝළිම්වල රැඳී සිටීමෙන් වළකින්නැයි ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙනවා.

එහි සභාපති විජිත හේරත් මහතා කියා සිටියේ ගෘහස්ථ ගෑස් තොග අවසන්වී ඇති අතර කාර්මික කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කෙරෙන බවයි.

මේ අතර මෙට්‍රික් ටොන් 3500 ක් බැගින් වන ගෑස් නෞකා 02 ක් සඳහා අද දිනයේදී ඩොලර් මිලියන 07 ක මුදලක් ගෙවීමට නියමිතව ඇතැයිද සභාපතිවරයා සඳහන් කළා.

එම ගෑස් තොග ලබන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා අතර දිවයිනට ළගාවීමට නියමිතව ඇති බවයි ලිට්‍රෝ සභාපති විජිත හේරත් මහතා තවදුරටත් සඳහන් කළේ.

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (03) සිට නිවෙස්වලට

Editor O

මර්වින් සිල්වා CID අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් ගමන් කීපයක්

Mohamed Dilsad

Leave a Comment