දේශීය

සජිත් ට සහය දෙන්න ශ්‍රීලනිප සූදානම්

(UTV | කොළඹ) –  සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව භාරගන්නේ නම් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

අද (11) කොළඹ දී මහා සංඝරත්නය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි මේ වේලාවේ ඉල්ලන්නේ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා විදියට මේ ආණ්ඩුව භාරගන්නේ නම් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඒ ආණ්ඩුව ගෙනයෑමට අපට යම් සහයෝගයක් ලබාදීමට පුළුවන් එය ලබාදීමට සුදානම්. මොකද හේතුව රට අරාජික කරන්න බෑ. අද අපි පක්ෂ 11 නායකයින් සමගත් සාකච්ඡා කරන්න සුදානම් වෙනවා. ඒ තීන්දුවත් ඉදිරියේ දී ගන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයා යනකල් අගමැතිවරයා පත්කරන්න බැහැ කියන මතයේ ඉන්නවාට වැඩිය අපි කියන්නේ ඒ නායකත්වය අරගෙන වැඩකරන්න. ඔවුන්ට තමා ආරාධනා කරලා තියෙන්නේ ජනාධිපතිවරයා පළවෙනියෙන්. ඒ ක්‍රියාදාමය සිදුවෙන්නේ නැත්නම් ඊළඟට බලන්න ඕනේ ඊළඟට ගන්න පුළුවන් ක්‍රියාදාමය මොකද්ද කියලා.”

Related posts

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට, පෙර පැවති ආණ්ඩු විවේචනය කරමින්, වත්මන් ආණ්ඩුව කාලය ගත කිරීම ගැන කණගාටුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

Editor O

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට රාජකාරි හැඳුනුම්පතට අමතරව ආයතනයේ ලිපිය අවශ්‍යයි

Mohamed Dilsad

Leave a Comment