දේශීය

“ගෝඨාභය එළවන්න ජනාධිපති මන්දිරය වටලනවා”

(UTV | කොළඹ) – “රට ගැන හිතලා වැඩ වර්ජනය නවත්තනවා, හැබැයි අනිද්දා (මැයි 13) ගෝඨාභය එළවන්න අපි ජනාධිපති මන්දිරය වටලනවා” යැයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

රටේ සියලු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් සියලු ක්ෂේත්‍ර අඩපණ වී ඇති බැවින් හෙට (මැයි 12) සිට වෘත්තිය වර්ජනය නැවැත් වීමට තීරණය කළ බව සමරසිංහ මහතා පැවසීය.

ඒ අනුව, අනිද්දා (මැයි 13) පස්වරු 2.00 ට වෘත්තිය සමිති ජනාධිපති මන්දිරයට පැමිණෙන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකමින් ඉවත් වන තෙක් මෙම විරෝධතාව නොනවත්වන බව ඒ මහතා පැවසීය.

පසුගිය අප්‍රේල් (28) මැයි (6) හර්තාල්, උද්ඝෝෂණ සිදුකරමින් ජනාධිපතිවරයාට ඉතා පැහැදිලිව සිය ධූරයෙන් ඉවත්වන ලෙස බල කළ ද තවදුරට ත් ඔහු ඊට ඇහුම්කන් නොදෙන්නේ නම් මෙය මහජන අරගලයක් බවට පත් කරන බව සමරසිංහ මහතා කීය.

කෙසේ නමුත් අද ( මැයි 11) වන තෙක් වැඩ වර්ජනයට දායක වූ සමස්ත සේවකයින්ට තමා කෘතඥතාව පළ කරන බව ත් රට ඉතා ඉක්මනින් විසඳුමකට යා යුතු සේ ම හිටපු අගමැතිවරයාට සැඟවීමට ඉඩ නොදිය යුතු බව ත් ඔහු අවධාරණය කළේ අද (මැයි 11) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

Related posts

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද

Mohamed Dilsad

නව ඇමති මණ්ඩලය ඇමති වැටුප් නැහැ – අගමැති

Mohamed Dilsad

ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment