දේශීය

“ඇමති ධූර භාර නොගෙන රට ගොඩ නැගීමට ආණ්ඩුවට සහය දෙනවා” – ගම්මන්පිල

(UTV | කොළඹ) – අමාත්‍ය ධූර භාර නොගෙන රට ගොඩනැගීමට ආණ්ඩුවට සහය පළ කිරීමට ස්වාධීන පක්ෂ එකමුතුව තීරණය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ සමග අද (මැයි 16) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම සාකච්ඡාවේදී අගමැතිවරයා යෝජනා කළ කමිටු 15ට සම්බන්ධ වෙමින් ජනතා ගැටලු විසඳීමට සහය දෙන බව උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ය.

“එතුමා සඳහන් කළා එතුමා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් හදන්න. ඒ වගේම පාර්ලිමේන්තුවේ කමිටු 15ක් පිහිටුවලා, ආංශික කමිටු 10ක් සහ මුල්‍ය කමිටු 5ක් වශයෙන් කමිටු 15 පිහිටුවලා ඒ සඳහා ඇමති ධූර භාර ගන්නේ නැති දේශපාලන පක්ෂවල කමිටු සභාපති ධූර භාර ගන්න ආරාධනා කරලා, සියලු ම දෙනා රාජ්‍ය පාලනයට සහභාගී කර ගන්න. අපිට ඇමති ධූර භාර ගැනීමට කෑදරකමක් නැතත් රට ගොඩ නැගීම අවශ්‍යයි. ඒ නිසා අපි ඇමති ධූර භාර ගන්නේ නැතුව රට ගොඩ නැගීම ප්‍රයත්නයට අවංකව සාධාරණව සිට අපේ සහයෝගය ලබා දෙන බව අගමැතිතුමාට දැනුම් දුන්නා.”

Related posts

විදේශයන් සිට පැමිණෙන සිසුන් සහ ගුරුවරුන් නිරෝධායන කාලයකට

Mohamed Dilsad

එළිමහන් සංගීත ප්‍රසංගවලටත් අවසර

Mohamed Dilsad

පාසැල් ආරම්භය පිළිබඳ පැතිර යන පුවත අසත්‍යයක්

Mohamed Dilsad

Leave a Comment