දේශීය

“#ගෝඨාගෝගම ප්‍රහාරය නවත්වන්න මගේ සැලසුමට ඉහළින් දෙදෙනෙක් බාධා කළා”

(UTV | කොළඹ) – පසුගිය 09 වනදා කොළඹ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට එල්ල වන ප්‍රහාරය පාලනය කිරීම සඳහා තමන් සකසා තිබූ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශයේ ඉහළ බලධාරීන් දෙදෙනකු ඉඩ නොදුන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් සඳහන් කර ඇති බව වාර්තා වනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා මානව හිමිකම් කොමිසම ඉදිරියේ දී මේ කරුණු අනාවරණය කළ බවයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබෙන්නේ.

තමන් අවශ්‍ය ප්‍රමාණයට පොලීසිය සහ විශේෂ කාර්‍යයය බලකාය කැඳවා තිබූ බවත්, ජල විඳින රථ දෙකක්, කදුලු ගෑස් ඇතුළු කැරලි මර්දන නිලධාරීන් දෙසීයකට අධික පිරිසක් ගාලු මුවදොරට කැඳවා තිබූ නමුත් අවසාන මොහොතේදීත් ඉහත බලධාරීන් දෙදෙනා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස තමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට බලපෑම් කළ බවත් ඔහු මෙහිදී හෙළි කර තිබෙනවා.

තමන් ඒ මොහොතේ දැක්වූ ප්‍රතිචාරය එම අවස්ථාවේ තමා සමග සිටි නිලධාරීන් ද දන්නා බවත් ඔහු කොමිසම හමුවේ පැවසූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ ප්‍රමාදයත් සමගම කලහකාරී පිරිස් බලහත්කාරයෙන් පොලිස් නිලධාරීන් ඉවත් කරමින් ගාලුමුවදොර පිටියට ඇතුලු වූ බවත්, තමා ජනපතිවරයාට තත්ත්වය පැහැදිලි කළ පසුව බලධාරීන්ගේ බලපෑම් නොතකා කඩිනමින් පිරිස විසුරුවා හැරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බවත් ඔහු මානව හිමිකම් කොමිසම ඉදිරියේ පවසා තිබෙනවා.

තව ද එම ප්‍රහාරය හේතුවෙන් ගෝඨා ගෝ ගම තුළ තිබූ ඉදිකිරීම් 186 න් 26කට පමණ හානි සිදු වූ බවත් ගෝඨා ගෝ ගම රැඳී සිටි පුද්ගලයින් 400 වැඩි ප්‍රමාණයකගෙන් 43 දෙනෙකුට පමණක් තුවාල සිදු වූ බවටත් කොමිසම හමුවේ අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය හටගත් විගස මෙම බලධාරීන් දෙදෙනා තමාට කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කිරීමට බාධා නොකළේ නම් මෙම ව්‍යසනය සිදු නොවන බව ඔහු විසින් කොමිසම හමුවේ කියා තිබෙනවා.

සිය ප්‍රකාශය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලේඛන සහ තාක්ෂණික වාර්තා කිහිපයක් ද මානව හිමිකම් කොමිසමට ලබා දී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම සැලැස්ම යටතේ රාජකාරීයේ යෙදවූ ඕනෑම පොලිස් නිලධාරියෙකු කැදවා විමසන ලෙස ද කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

Related posts

ඇමතිකම් ගත් සියල්ලන් නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවතට

Mohamed Dilsad

හොරෙන් එංගලන්තය ට ගොස් හසුවුණොත් රුවන්ඩාවට

Mohamed Dilsad

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment