දේශීය

නව අගමැතිගේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

(UTV | කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව අද (17) පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිත අතර එහිදී නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිත ය.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් මේ වන විට යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාගේ නම ත් සමගි ජන බලවේගය නියෝජනය කරමින් රෝහිණී කවිරත්න මහත්මියගේ නම ත් ඒ සඳහා යෝජනා වී ඇත.

තව ද ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතියකින් පසු විවාදයට ගැනීමට පක්ෂ නායකයින් පසුගිය දා තීරණය කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ද අදාළ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත ය.

මේ අතර, අද දිනයේ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

Related posts

අද සජබ නිහඩ විරෝධතාවයක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment