දේශීය

අද ගෑස් පෝලිම්වලට එන්න එපා

(UTV | කොළඹ) – බෙදාහැරීමේ ප්‍රමාදයක් ඇති බැවින් අද දිනයේ ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙනවා.

සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් නෞකාවෙන් ගෑස් ගොඩබෑමට බාධා මතුව ඇති බවයි.

එය යථා තත්වයට පත්කිරීමට තවත් දින 03 ක කාලයක් ගතවනු ඇති බවද ඔහු සඳහන් කලා.

මීට පෙර ලිට්‍රෝ සමාගම දැනුම් දුන්නේ, ඩොලර් මිලියන 07 ක මුදලක් ගෙවන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2800 ක් රැගත් නෞකාවේ ගෑස් ගොඩබෑම ඊයේ දිනයේ ආරම්භ කළ බවයි.

ඒ අනුව අද සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 ක් බෙදාහැරීමට සැලසුම් කර තිබූ බවද ලිට්‍රෝ සමාගම කියා සිටියා.

Related posts

රජයට අයත් භාවිතයට නොගත් ඉඩම් වගා සහ සත්ව පාලන කටයුතුවලට

Mohamed Dilsad

ජා-ඇල ප්‍රදේශයෙන් තවත් පුද්ගලයින් 32 ක් නිරෝධායනට

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර අනතුරකින් 05ක ට තුවාල.

Editor O

Leave a Comment