(UTV | කොළඹ) – ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව සඳහා උපකාර කිරීමට ජපන් රජයට ඉදිරිපත්වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක දායකත්වයෙන් අත්‍යවශ්‍ය ඖෂධ ජපන් රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ලබාදීමට නියමිතයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාව පුරා මෙම ඖෂධ බෙදා හැරීම සිදුකරන බවයි යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරන්නේ.