දේශීය

කෑන් සහ බෝතල් වලට පෙට්‍රල් නැහැ – IOC

(UTV | කොළඹ) – කෑන් සහ බෝතල් සඳහා පෙට්‍රල් නිකුත් කිරීම අත්හිටුවීමට ලංකා IOC සමාගම පියවර ගෙන තිබේ.

එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, වහා ම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඉන්ධන පිරවුම්හල් මගින් සෘජුව ම රථවාහනවල ටැංකි සඳහා පමණක් පෙට්‍රල් නිකුත් කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

මහජන සහ දේපළ ආරක්ෂාව සඳහා මෙම පියවර ගෙන ඇති බව එම සමගම වැඩිදුරට ත් සඳහන් කර ඇත.

Related posts

තවත් කොරෝනා රෝගීන් 6දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

ආචාර්ය හර්ෂ ද සිල්වා රන්ජන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට

Mohamed Dilsad

හොර ලොතරැයි අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment