දේශීය

රටේ ආර්ථික අර්බුදය ගැන සිතා තීරණයක් ගත්තා

(UTV | කොළඹ) – රටේ ආර්ථික අර්බුදය හමුවේ හදවතින් කල්පනා කර තීරණයක් ගත් බවත්, ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බවත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්‍ෂ දේශපාලනයක්ද, පවතින අර්බුදයන්ට විසඳුමක්ද යන්න බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා පක්‍ෂය නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද සඳහන් කළේය.

ඒ නිසා තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූවත් සජබය සමඟ තරහ නොවන බව කී හරීන් ප්‍රනාන්දු මහතා තමන් ගත්තේ පක්‍ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණය බව ද පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටී.

Related posts

ඉන්ධන හිඟය හේතුවෙන් බස් රථ රියදුරන් අපහසුතාවට

Mohamed Dilsad

මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළට

Mohamed Dilsad

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක්

Mohamed Dilsad

Leave a Comment