දේශීය

සියලුම ඉන්ධන පිරවුම්හල්වට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කෙරේ

(UTV | කොළඹ) – ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් අද (23) සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

තවත් ඉන්ධන නෞකා දෙකක ඉන්ධන ගොඩබෑමත් සමඟ ඉදිරි සති හය සඳහා අවශ්‍ය ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් පහසුවෙන් ලබාත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම ඔක්ටේන් 92 පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස 95 පෙට්‍රල් භාවිත කරන්නන්ගෙන් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Related posts

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

ෆාමසි වලට ඖෂධ නිකුත් කිරීම නවතී

Mohamed Dilsad

විභාග කොමසාරිස්ට ලංකා ගුරු සේවා සංගමයෙන් ලිපියක්

Mohamed Dilsad

Leave a Comment