දේශීය

ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –  ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට බාධා නොවන ආකාරයෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව ආදාළ ප්‍රවාහන අංශ සමග සාකච්ඡා කරන ලෙසට ඉල්ලීමක් කරන බව ය.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කළ බව කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, අදාළ මිල සූත්‍රය සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ක්‍රියාත්මක කරන බව ය.

Related posts

විශ්‍රාමිකයින්ට හෙට සිට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල තවත් 182 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට ප්‍රසිද්ධ වෙරළ තීර ආශ්‍රිතව සමීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment