දේශීය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය : කෝටිපති ව්‍යාපාරිකයාට හා පුතාට ඇප

(UTV | කොළඹ) –  2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 02 කට ප්‍රහාර එල්ල කල ත්‍රස්තවාදීන් දෙදෙනෙකු වෙන මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්ෂාෆ් යන අයගේ පියා වන කෝටිපති ව්‍යාපාරිකයා සහ ඔවුන්ගේ එක් සහෝදරයෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් නවරත්න මාරසිංහ මහතා විසිනුයි නියෝගය ලබාදුන්නේ.

සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 02 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03 ක් මත මුදා හැරුණා.

ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට දෙන ලෙසයි නියම කෙරුණේ.

සෑම මාසයකම පළමු සහ අවසන් ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් ඔවුනට අධිකරණය දන්වා සිටියා.

මෙම නඩුවේ 03 වන සැකකරු ලෙස නම්කර සිටින තවත් සහෝදරයෙකුට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කලා.

Related posts

මහ සිකුරාදා දිනය අදයි

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ සහ මැල්කම් කාදිනල් හිමිපාණන් අතර හමුවක්.

Editor O

විදුලි ඉල්ලුම ඉහළට – ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment