දේශීය

සති 6ක් ඇතුළත අන්තර්කාලීන අයවැයක්

(UTV | කොළඹ) – දෙවසරක සහන වැඩසටහනක් සඳහා අරමුදල් නැවත යොමු කිරීම සඳහා යටිතල පහසුකම් ව්‍යාපෘති කප්පාදු කරමින් සති හයක් ඇතුළත අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹ පිහිටි සිය කාර්යාලයේදී රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ “අපට රුපියලක ආදායමක් නැත, දැන් අපට තවත් රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට සිදුවී ඇත,” යනුවෙනුයි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ මුදල් මුද්‍රණය සිය ප්‍රතිපත්තිය නොවූවද උද්ගතවී ඇති තත්ත්වය අනුව එම ක්‍රියා මාර්ගයෙන් බැහැර විය නො නොහැකි බවයි.

ඒ සමගම ඉදිරි මාසවලදී වාර්ෂික උද්ධමනය 40% ඉක්මවා යනු ඇති බවත් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් මේ වන විට මෙරට ආර්ථිකය තුළ මතු වී ඇති බරපතළ පීඩනය හමුවේ එය සිදුකළ යුත්තක් බවයි ඔහු කියා සිටියේ.

පසුගිය සඳුදා නිකුත් කරන ලද රජයේ දත්ත වලට අනුව මාර්තු මාසයේ 21.5% ක්වූ උද්ධමනය ට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී එය වාර්තාගත ලෙස 33.8% ක් දක්වා ඉහළ ගියා.

මෙහිදී වියදම් කපා හැරීමේ අංශ පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මෙරට ආර්ථිකයට දරාගත නොහැකි රාජ්‍ය අංශයේ වියදම් කපා හැරීම පිළිබඳව සමාලෝචනයක්ක් සිදු කිරීමට අදහස් කරමින් සිටින බවයි.

“උදාහරණයක් ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය, අපට එහි වියදම් අඩු කළ නොහැකියි, අධ්‍යාපන අමාත්‍යාංශය, එය සීමිත කප්පාදුවක්, නමුත් අපට කපා ගත හැකි තවත් බොහෝ අමාත්‍යාංශ තිබෙනවා” ඔහු කියා සිටියා.

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මෙම විශේෂ සාකච්ඡාවේදී අනතුරු ඇඟවූයේ අර්බුදය විසඳීමට රජය ගන්නා ක්‍රියා මාර්ග හමුවේ උද්ධමනය ඉහළ යනු ඇති බවත්, වීදිවල තවත් විරෝධතා දැඩි විය හැකි බවත්ය.

Related posts

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

Mohamed Dilsad

නිවැරදි තීන්දු තීරණ ගතහැකි රාජ්‍ය සේවයක් ස්ථාපිත කරමින් පවතිනවා

Mohamed Dilsad

තද වැසි සමග අකුණු ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment