දේශීය

රාජ්‍ය සේවකයින් කැඳවීම අද සිට සීමා වෙයි

(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදය හමුවේ වියදම් අවම කර ගැනීමේ අරමුණින්, අද සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි අත්‍යාවශ්‍යම සේවකයින් පමණක් සේවයට කැඳවන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

ඊට අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ නිකුත් කළා.

ඒ අනුව ජනතාවට ඉටුවන කාර්යයන්ට බාධාවක් නොවන පරිදි රජයේ නිලධාරීන් සේවයට කැඳවීමේ බලය අමාත්‍යංශ හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවනවා.

Related posts

බොරැල්ලේ මාර්ගයක් ගිලා බසී

Editor O

දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය හෙට ලිහිල් කරයි

Mohamed Dilsad

අගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්

Mohamed Dilsad

Leave a Comment