දේශීය

ගෑස් අදත් හෙටත් නැහැ – ලිට්‍රෝ

(UTV | කොළඹ) – ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් අද මෙරටට ළඟා වීමට නියමිත යි.

ලිට්‍රෝ සමාගම සඳහන් කළේ, මෙම තොගය ද සමඟ ගෑස් මෙටි්‍රක් ටොන් 7,500ක් ලබා ගැනීම සඳහා මේ වන විට මුදල් ගෙවා ඇති බවයි.

එලෙස ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 6.5ක්.

ලිට්‍රෝ සමාගම සඳහන් කළේ, අද පැමිණීමට නියමිත ගෑස් නෞකාවේ ගොඩබෑම් සිදු වන තෙක් ගෑස් බෙදාහැරීම් සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඒ හේතුවෙන් අදත් (26) හෙටත් (27) දිනයේත් පෝලිම්වල රැඳී නො සිටින ලෙස එම සමාගම ජනතාවට දැනුම් දෙනවා.

කෙසේ වෙතත් ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථානවල ඊයේ දිනයේත් පෝලිම් පැවතියා.

Related posts

ජා-ඇල ප්‍රදේශයෙන් තවත් පුද්ගලයින් 32 ක් නිරෝධායනට

Mohamed Dilsad

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය-පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජයයි – ජනාධිපති

Editor O

එක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවන්ගෙන් ධීවර ප්‍රජාවට රුපියල් මිලියන 720 ක අතුරු වන්දියක්

Mohamed Dilsad

Leave a Comment