දේශීය

විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා

(UTV | කොළඹ) – විදුලිබල මණ්ඩලයට මාසිකව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති පුනර්ජනනීය ව්‍යාපෘති වෙනුවෙන් අනුමැතිය ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පුනර්ජනනීය බලශක්ති අධිකාරියට දැනුම් දී තිබෙනවා.

අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයට පැමිණ එහි නිලධාරීන් සමග ඊයේ විශේෂ හමුවක් පවත්වා මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

පවතින විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට, අඛණ්ඩව විදුලිය ලබාදීමට සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවන් ඉවත් කර ගැනීම පිළිබදව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා.

Related posts

ජපාන විදේශ ඇමති ඇතුළු නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

විදෙස් ගමන් බලපත්‍ර ගැන පාඨලීගෙන් ප්‍රකාශයක්

Editor O

කුඩු සුමංගලි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment