දේශීය

අරගලකරුවන්ට පණිවිඩයක්

(UTV | කොළඹ) – ගෝටාගෝගම’ අරගලකරුවන් හා සම්බන්ධ වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ගේ අදහස් හා යෝජනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමු කිරීමේ වැඩසටහනක් ආරම්භ වී තිබේ.

එහි එක් ඉදිරි පියවරක් ලෙස “ගෝටාගෝගම” සිටින අරගලකරුවන් මෙන්ම රට පුරා සිටින වෙනසක් ඉල්ලන තරුණයන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි යි.

එසේ ඉදිරිපත් කෙරෙන යෝජනාවලින් වඩාත් ඵලදායි සහ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන තරුණයන්ට හෝ කණ්ඩායම්වලට අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට ද ඉදිරියේ දී අවස්ථාව ලැබෙනු ඇති බව යි වාර්තා වන්නේ.

Related posts

ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනය ඇරඹේ

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම ගැන විපක්ෂයේ සියලු කණ්ඩායම් සමග සාකච්ඡා කරනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

Leave a Comment