දේශීය

සපුගස්කන්දෙන් අද සිට දිනපතා ඉන්ධන

(UTV | කොළඹ) – සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් අද (30) සිට දිනපතා භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 600 ත් 800 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පැවසුවේය.

මේ වන විට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති මෙට්‍රික් ටොන් 79,000ක් අඩංගු බොරතෙල් නෞකාවෙන් දිනවල ඉන්ධන ගොඩබෑම සිදුවන බැවින් පිරිපහදුවේ ඉන්ධන නිෂ්පාදනය කිරීම ආරම්භ කල බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසුවේය.

බොරතෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ඉකුත් මාර්තු 21 වනදා සිට සම්පූර්ණයෙන්ම නතර කරනු ලැබීය.

මෙම තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමත් සමග විදුලි උත්පාදනයට අවශ්‍ය නැප්තා මෙන්ම භූමිතෙල් ද ලබාගැනීමට හැකියාවක් ලැබෙයි.

Related posts

පුතාට මාරාන්තික පහරක් එල්ලකළ පියාට ලැබුණු දඬුවම

Mohamed Dilsad

සුදුසුකම් ලැබූ සියලු උපාධිධාරීන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන්

Mohamed Dilsad

පාන් ගෙඩියක් 190ට දෙයි

Mohamed Dilsad

Leave a Comment