දේශීය

අටළුගම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටුයුතු අද

(UTV | කොළඹ) – බණ්ඩාරගම අටළුගම ෆාතිමා අයීෂා දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටුයුතු අද සිදු කිරීමට නියමිතව තිබේ.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් 4ක් ඔස්සේ තවදුරටත් විමර්ශන කටයුතු සිදු වන බවයි.

පසුගිය 27 වැනිදා පෙරවරුවේ අටළුගම දී අතුරුදන් වූ කුඩා දැරියගේ සිරුර පෙරේදා සොයා ගැණුනේ, අටළුගම මහපල්ලිය ආසන්නයේ වගුරු බිමක තිබියදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

අදාළ ඝාතනය සම්බන්ධ විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, දැරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් යැයි සැකය මත විමර්ශන කණ්ඩායම් අනියුක්ත කර ඇති බවයි.

මේ අතර, ෆාතිමා අයීෂා දැරියගේ සාහසික අපරාධය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට ජනාධිපතිතුමා සහතික වී තිබේ.

ටිවිටර් පණිඩුවයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිය සංවේගය පළ කළේ ය.

මේ අතර, ළමා රක්ෂණ සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, දැරියගේ ඝාතනය සම්බනධයෙන් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වයේ ඇති අකර්මන්‍යතාවය සම්බන්ධයෙන් ඔවුන් කම්පාවට පත්වන බවයි.

වහාම මේ පිළිබඳව ක්‍රියාත්මක වන ලෙස ළමා රක්ෂණ සන්ධානය ජාතික ළමා රක්ෂණ අධිකාරියෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර දැරියගේ මරණය සම්බන්යෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායමක් යොමු කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය ද පැවසී ය.

එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, පොලිස් විමර්ශනවලට සහය විම සඳහා එම කණ්ඩායම ක්‍රියාත්මක බවයි.

Related posts

අගමැති ඉන්දියාවේ නිල සංචාරයකට

Mohamed Dilsad

උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

ඇඳිරිනීතිය – ගමනාගමනයට රාජකාරී හැඳුනුම්පත භාවිත කළ හැකි ආයතන [RELEASE]

Mohamed Dilsad

Leave a Comment