විදෙස්

සර්බියාව රුසියාව සමඟ නව ගිවිසුමකට එළඹෙයි

(UTV |  සර්බියාව) – ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සර්බියාව රුසියාව සමඟ නව ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය හා යුරෝපා රටවල් රැසක් රුසියාවෙන් ඛනිජ තෙල් හා ගෑස් ආනයනය නතර කිරීමට පියවර ගෙන ඇති මොහොතකයි සර්බියාව මෙම තීරණය ගෙන ඇත්තේ.

එම රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක සඳහා තම දායකත්වය සපයන්නේ නොමැති බවද සර්බියාව සඳහන් කරනවා.

සර්බියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූසික් සඳහන් කරන්නේ ඉදිරි වසර තුන සඳහා ගෑස් මිලදී ගැනීමට රුසියාව සමඟ නව ගිවිසුමකට එළඹෙන බවයි.

ඒ සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා සමග දුරකතන සාකච්ඡාවක් පැවැත්වූ බවද ඔහු පවසනවා. යුරෝපා සංගමයට එක්වීමට තම රටට අවශ්‍ය වුවද රුසියාව සමඟ පවත්නා දීර්ඝකාලීන මිත්‍රත්වය හේතුවෙන් එය සිදුකළ නොහැකි බවද සර්බියා ජනාධිපතිවරයා සඳහන් කරනවා.

එමෙන්ම ඔහු පවසන්නේ රුසියාව යුක්රේනය තුළ සිදුකරන යුධ මෙහෙයුම් කිසිදු විටෙක විවේචනය නොකරන බවයි.

Related posts

දකුණු කොරියවෙත් කොරෝනා ආසාදිත රැඳවියන් ඉහළ යයි

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් චෝදනාවක්

Mohamed Dilsad

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment