දේශීය

දෙහිවල සතුන්ටත් කන්න නෑ

(UTV | කොළඹ) – දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් දෙහිවල සත්ත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්ත්වෝද්‍යානවල සිටින සතුන් උග්‍ර ආහාර අර්බුදයකට පත්ව ඇති බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදේශ සංචාරකයන් පැමිණීම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා සතුන් මෙසේ ආහාර හිඟයකට මුහුණ පා ඇති බව දෙපාර්තමේන්තු නිලධාරීහු පැවසූහ.

එමෙන් ම සත්ත්ව ආහාර සැපැයුම්කරුවන් සඳහා රුපියල් මිලියන පනස් නවයක හිඟ මුදලක් ගෙවීමට තිබෙන බව ද ඔවුහු වනජීවී ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකදී පෙන්වා දුන්හ.

මෙම වසරේ ඉදිරි කාලය සඳහා සත්ත්ව ආහාර සඳහා රුපියල් මිලියන එකසිය විස්සක මුදලක් වැය වන බව ද සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන් ම, නඩු භාණ්ඩ වශයෙන් අධිකරණ භාරයේ සිටින අලින් සඳහා වසරකට රුපියල් මිලියන හතළිස් පහක මුදලක් වැය වන බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් එම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා මහාභාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමට කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්‍ෂණ ඇමති මහින්ද අමරවීර තීරණය කර ඇත.

සතුන් කෙරේ උනන්දුවක් දක්වන ජනතාවගේ සහයෝගය මත සතුන් රැක බලා ගැනීමේ ආයතනවල කැපකරු ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ඇමතිවරයා දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම සතුන් රැක බලා ගැනීම සඳහා රජය සියලු පියවර ගන්නා බව ද ඇමතිවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.

Related posts

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

පස්සර බස් අනතුරේ දර්ශන [VIDEO]

Mohamed Dilsad

කසළ ප්‍රවාහනයට ‘කුරුම්බැට්ටියා’ නමින් බහු කාර්ය පාපැදියක්

Mohamed Dilsad

Leave a Comment