දේශීය

ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම්වරුන්ට ඩොලර් හරස්වෙයි

(UTV | කොළඹ) – දිවයින තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ඉස්ලාම් භක්තිකයන් ඉතිහාසයේ පළමු වතාවට මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙවර හජ් වන්දනාව සඳහා ලංකාවේ පුද්ගලයන් 1,585 දෙනෙකුට සහභාගී වීම සඳහා අවස්ථාව හිමිවී තිබුණත් පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඔවුන් හජ් වන්දනාවට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

එම තීරණයට එළඹ ඇත්තේ ජාතික හජ් කමිටුව, හජ් සංචාරක සංවිධානය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව යි.

Related posts

ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

අවු.15ට වැඩි සැමට නව ඩිජිටල් හැඳුනුම් පතක්

Mohamed Dilsad

දිවයින පුරා සුරා සැල් කිහිපයක් මූද්‍රා තබයි

Mohamed Dilsad

Leave a Comment