කලා

ඇම්බර්ට මංගල යෝජනාවක්

(UTV | කොළඹ) – මේ දිනවල වඩාත් කතාබහට ලක් වන හොලිවුඩ් නිළි ඇම්බර් හර්ඩ් ට සෞදි ජාතිකයෙකුගෙන් මංගල යෝජනාවක් ලැබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇම්බර් හර්ඩ්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පණිවුඩයක් සටහන් කරමින් සෞදි ජාතිකයා පවසා ඇත්තේ ලොවෙන් කොන් වුණු ඇම්බර් හර්ඩ් භාර ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.

‘‘ඔබ විවාහ කර ගන්න මා කැමැතියි. අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ඊට ලැබේවි. ඔබ වැනි කෙනෙකු ලබන පිරිමියා වාසනාවන්තයි. මා ඒ මහල්ලාට වඩා හොඳයි’’
යනුවෙන් එම සෞදි ජාතිකයා පවසා තිබේ.

මෙම සෞදි ජාතිකයා ‘මහල්ලා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ ජොනී ඩෙප් ය.

ඇම්බර් හර්ඩ් ජනප්‍රිය හොලිවුඩ් නළු ජොනී ඩෙප්ගේ හිටපු බිරිඳ වන අතර ඔවුන් 2015 දී විවාහ වී 2017 දී දික්කසාද වී ඇත.

Related posts

කෝටි 7ක් ගෙවා ප්‍රියංකා චොප්රාගේ නිවස ජැකලින් මිලදී ගනියි

Mohamed Dilsad

අයිශ්වර්යා සිය පවුල සමගින් ඩුබායි ගිහින්

Mohamed Dilsad

කාජල් හා අජේ දේව්ගන් ‘ටන්හාජි’ තුළින් එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment