දේශීය

සමාගම් රෙජිස්ට්‍රාර් කටයුතු ඔන්ලයින් ක්‍රමයට

(UTV | කොළඹ) – සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ජුනි මස දින 09ක් පමණක් විවෘතව තැබෙන බව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

අනෙකුත් දිනයන්හි එම දෙපාර්තමේන්තුව වසා තැබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ අතර එම දිනයන්හිදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකරන බවයි.

එම නිවේදනයට අනුව ජුනි මාසයේදී 15,16,17,20,21,22,27,28,29 දිනයන්හිදී පමණක් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විවෘතව තැබෙනු ඇත.

Related posts

හෙට සිට බස්නාහිර දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි

Mohamed Dilsad

මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා විවාදය අද සහ හෙට

Mohamed Dilsad

රෝහින්ග්‍යා සරණාගතයන් ගැන තීරණයක්

Editor O

Leave a Comment