දේශීය

සිරකරුවන් 173 කට පොසොන් වෙනුවෙන් අද නිදහස

(UTV | කොළඹ) – පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් පිරිනමන ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ සිරකරුවන් 173 දෙනෙකු අද නිදහස ලැබීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවය මෙම විශේෂ රාජ්‍ය සමාව ලබා දී ඇත්තේ.

ඒ අනුව බන්ධනාගාර ගතව අද දිනට සිර දඩුවම් විඳින සිරකරුවන් හට බන්ධනාගාරය තුල ගත කරන ලද වසරකට දින 14 බැගින් පොදු සමාව ලබාදීම සහ දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව අද දිනට සිරදඩුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි වීම සිදුවනු ඇති.

Related posts

රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්

Mohamed Dilsad

ජනපති ධුරයට නාමයෝජනා බාර ගැනීම අද

Mohamed Dilsad

තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට‍

Mohamed Dilsad

Leave a Comment