දේශීය

නිමල් සිරිපාල නෙරපීම වළකන නියෝගය දීර්ඝයි

(UTV | කොළඹ) – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිලතලවලින් ඉවත් කිරීම සහ ඊට බාධාකිරීම වළක්වාළමින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මධ්‍යම කාරක සභාව වෙත නිකුත් කර තිබෙන වාරණ නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

ඒ, මෙම නඩුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදියි.

එහිදී නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සමථයකට පත්කිරීම සම්බන්ධයෙන් පාර්ශවකරුවන් සමග සාකච්ඡා කරන බව කියා සිටියා.

එවැනි සමථයක් ඇති නොවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධතා ඉදිරිපත් කරන බවත් සඳහන් කළා.

Related posts

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දිවයිනට

Mohamed Dilsad

දුම්රිය ගමන්වාර 10ක් අද (14) අවලංගුයි. සේවකයන් නැහැ.

Editor O

සියලු විශ්ව විද්‍යාල යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment